Thursday, October 2, 2014

කවියක්



පදනම 

හීන්දෑරි හැන්දෑ හිරු, අවන්හලේ ජනේලයෙන්,
අමාරුවෙන් රිංගාගෙන, ගෙදර යන්න යන වෙලාවේ,

අවන්හලේ මුල්ලක දිගු, නාකි පුටුවේ වාඩි වෙලා,
මමයි මගේ දුම්වැටියයි, හෙමින් හෙමින් සැප වින්දා,

අනන්ත ආකාශ තලේ, මලකොත් වැනි තරු අතරින්,
නාග දරණ ලිලාවෙන්, මගේ දුම්රැළි යයි නොපෙනී,

දුම්වැටියත් යන්න ගිය‍ා, මමත් නැගිට යන්න ගියෙමි,
අපි දෙන්නගේ අළු විතරයි, ඉතිරිවුනේ අළු බඳුනේ

 - ඩෝල්ටන් අල්විස් -


හීන්දෑරි හැන්දෑ හිරු, පැළ දිගින් දිය නාද්දි,
ගෙදර බුදුන් යයි හැමදා, පුරුදු හන්දියට පුරුදු කනිසමට,

පලවැල දර සොයන්න නොව, කිරි මුට්ටිය දොවන්න නොව,
දාන පාරමිතා පුරන්, හෙට කල්පය ගෙවා ගන්න,

අප්පෙක් නැති පොඩිඑවුන්ව, හෙටටත් ජිවත් කරන්න,
නමුත් අනිද්දත් කොහොමද, පොඩිඋන්ටත් දැනෙනා විට, 


අභිසරුළියක් නොවේ

Monday, September 29, 2014

සමුගනිමු ගුල්සාරී


සමුගනිමු ගුල්සාරී


සෝවියට් පාලන සමය තුළ බිහිවූ නිර්මාණකරුවන් අතුරින් විශිෂ්ඨතම ගණයේලා සැළකෙන ලේඛකයෙකු ලෙස චිංගීස් අයිත්මාවෙව් අවිවාදයෙන්ම පිලිගනු ලබයි. 

සමුගනිමු ගුල්සාරී නම් මේ නවකථාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂි නවකථාවක් සේ සළකනු ලබයි. මිනිසෙකු හා අශ්වයෙකු අතර ඇතිවන අපූර්ව සම්බන්ධතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකථාව අලීම් කෙෂෝකෝව් නමැති දගෙස්තාන් ලේඛනයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංග්වේගේ මහල්ලා සහ මහමුහුද හා සමවන කෘතියක් ලෙසිනි.  (පොතේ තියන විධියමට)

කතෘ                   - චිංගීස් අයිත්මාතොව් 
පරිවර්තනය        - චූලානන්ද සමරනායක
මිළ                     - රු. 350.00    (2010 පස්වන මුද්‍රණය)
ප්‍රකාශනය          - විදර්ශන පොත් 

(සමීර ප්‍රකාශකයෝ විසින් රු. 425 කට මේ පොත එච්.ජයරත්න කියලා කෙනෙක් පරිවර්තනය කරලා තියනවා මේ පාර පොත්  ප්‍රදර්ශනයේදි දැක්කා.