පදනම
හීන්දෑරි හැන්දෑ හිරු, අවන්හලේ ජනේලයෙන්,
අමාරුවෙන් රිංගාගෙන, ගෙදර යන්න යන වෙලාවේ,
අවන්හලේ මුල්ලක දිගු, නාකි පුටුවේ වාඩි වෙලා,
මමයි මගේ දුම්වැටියයි, හෙමින් හෙමින් සැප වින්දා,
අනන්ත ආකාශ තලේ, මලකොත් වැනි තරු අතරින්,
නාග දරණ ලිලාවෙන්, මගේ දුම්රැළි යයි නොපෙනී,
දුම්වැටියත් යන්න ගියා, මමත් නැගිට යන්න ගියෙමි,
අපි දෙන්නගේ අළු විතරයි, ඉතිරිවුනේ අළු බඳුනේ
- ඩෝල්ටන් අල්විස් -
හීන්දෑරි හැන්දෑ හිරු, පැළ දිගින් දිය නාද්දි,
ගෙදර බුදුන් යයි හැමදා, පුරුදු හන්දියට පුරුදු කනිසමට,
පලවැල දර සොයන්න නොව, කිරි මුට්ටිය දොවන්න නොව,
දාන පාරමිතා පුරන්, හෙට කල්පය ගෙවා ගන්න,
අප්පෙක් නැති පොඩිඑවුන්ව, හෙටටත් ජිවත් කරන්න,
නමුත් අනිද්දත් කොහොමද, පොඩිඋන්ටත් දැනෙනා විට,
![]() |
| අභිසරුළියක් නොවේ |
.jpg)
ජය වේවා දිගටම කරගෙන යමු...
ReplyDeleteබොහොම ස්තුති දිරිගැන්වීමට
Deleteහී ලස්සනයි..... විභී අයියගේ බ්ලොග් එකේ ඉන්නවා දැක්කා
ReplyDeleteදිගටම ලියන්න